Featured Posts

Colorbox Blogger TutorialColorbox Blogger Tutorial earn how to use the platform before colorbox told blogger application. Application of the most familiar application of Colorbox lightbox is a clone. Colorbox application and speed, and usability, but also work seamlessly in all browsers because of my profile, my priority....

Readmore

Marro.ws is web-clipping tool We are visiting internet and saving some things everyday. If you are reading an article on internet and like just two sentences of this article, what will you do? Do you use Delicious to save the link of article? Or will you save the link to your bookmarks?...

Readmore

Home Refinance LoanHome Refinance Loan Our homes are our biggest assets. A fruit borne out of many years of hard work, earnings and dreams! But, are you still paying the same higher interest rates on the home loan you have availed few years...

Readmore

An image in a post Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Quisque sed felis. Aliquam sit amet felis. Mauris semper, velit semper laoreet dictum, quam diam dictum urna, nec placerat elit nisl in quam. Etiam...

Readmore

Cash-Out Refinance For many, their homes are just not dwellings that protect them against rain, sun, and wind. But they are piggy banks, which can be used to raise some urgent money, even if the home still lays collateral...

Readmore

Rss

ලේ කැටිය...

8

Posted by Indika | | Posted on Thursday, September 24, 2009


පින්තූරෙ ගත්තෙ මෙතනින් http://www.sgrh.com/images/criticare/images/icu4.jpg
මේ සිද්දිය වුනේ මහ රෝහලක දැඩි සත්කාර ඒකකයෙ(I.C.U.). මගෙ යාලුවෙක්ගෙ අත්දැකීමක් තමයි මේකත්. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ තරුණ ගෑණු ළමයෙක්, අවුරුදු 25 ක විතර.
මේ ළමය රස්සාව විදියට කරල තියෙන්නෙ ගාර්මන්ට් එකක ඇඳුම් මහන එකලු. ඉතිං දවසක් මෙයා රැකියාව කරකර ඉන්නකොට හිටපු ගමන් සිහි නැතිවෙලා බිම ඇදගෙන වැටිල. වැඩපලේ අය මෙයාව ඉස්පිරිතාලෙ ඇරන් ඇවිත්. විවිධාකාර පරීක්ෂණ ගොඩක් කරල මෙයා සිහිනැතිවෙච්ච හේතුව හොයන්න වෛද්‍යවරු උත්සාහ කරල. කොහොමහරි අන්තිමේදි ඔලුවෙ CT Scan පරීක්ෂණයෙන් හොයාගන්න පුලුවන් වුනාලු මෙයාගෙ මොළයෙ ලේ ගැලීමක් වෙලා තියනව කියල. හිටි ගමන් අසිහි වෙලා තියෙන්නෙ මෙන්න මේ හෙතුවෙන් තමයි.
ඉතින් මුලින්ම මේ ලෙඩාව යොමුකරල තියෙන්නෙ වාට්ටුවකට. වාට්ටුවෙ දවස් දෙක තුනක ප්‍රතිකාර වලිනුත් කිසිම අඩුවක් නැති හින්ද තමයි, දැඩි සත්කාර ඒකකයට මාරු කරල තියෙන්නෙ.
I.C.U. එකේදි මේ ළමයට තවත් අමාරු වෙලා. හුස්ම ගැනීම නතර කරල මැෂින් එකකින් තමයි හුස්ම දීල තියෙන්නෙ ( I.P.P.V / Intermittent positive Pressure Ventilation ) . මූත්‍රා යන්නත් බට හයිකරල ( Urine Catheter )
මේ විදියට මෙයාව තියාගෙන ඉඳල තියෙන්නෙ සැත්කමක් කරල මොලයට ගලපු ලේ වලින් ඇතිවුන හානිය නිවැරදි කරන්න පුලුවන් වෙයිද කියල බලන්නලු.
දිනපතාම මේ ලෙඩා විශේෂ අවධානයකින් බලපු ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරු අවසානයෙදි තීරනය කරල තියනව සැත්කම නොකරන්න. මොකද ඔපරේෂන් එකකට ගන්න තරම් සුදුසු තත්වයක රෝගියා නැති නිසා. මේවගේ තීරණ වලදි විශේෂ‍ඥ වෛද්‍ය කණ්ඩායමක් එකතු වෙලා සාකච්චා කරනව සැත්කමේ වාසි අවාසි ගැන. වාසි වලට වඩා අවාසි පැත්ත ගොඩක් වැඩි නම් තීරණය වෙන්නෙ සැත්කම නොකර ඉන්නයි.
ඉතින් ලෙඩාගෙ භාරකාරයන්ට, ගෑණු ළමයගෙ අම්මටයි තාත්තටයි මේ තීරනේ දැනුම් දීල තියනව. ඒත් එක්කම ලෙඩාගෙ තත්වය බරපතලයි කියලත් මෙයාලට කියල දුන්නලු.
ඔය විදියට සතියක් දෙකක් විතර I.C.U. එකේ මේ ලෙඩා හිටියලු. මැෂින් වල පිහිටෙන්. එක දවසක් දවල් වරුවෙ මේ අසරන ගෑනු ළමය මියගිහින් තියනව. මේ කනගාටුදායක ආරංචිය දන්වල මෙයාගෙ ලිපිනයට විදුලි පුවතක් යවල.
ඉතිං කළබලෙන් ඒවගේම දුකෙන් අර නැතිවෙච්චි ළමයගෙ අහිංසක අම්මයි තාත්තයි ඉස්පිරිතාලෙට දුවගෙන ආවලු. මගෙ කතාවෙ වැදගත්ම කොටස පටන් ගන්නෙ මෙතනින්. ඉතින් අර තාත්ත තමන්ගෙ දුව නැතිවෙන්න හේතුව අහල තියෙනව. කාගෙන්ද දන්නවද? රෝහල් උපස්ථායක මහත්තයෙකුගෙන්.! ඒ මනුස්සය මේ තාත්තව ඩොක්ටර් කෙනෙකුට හරි හෙද නිළධාරියෙකුට හරි යොමු කරන්නෙ නැතුව කියල තියෙනව,
"ලේ කැටියක් හිරවෙලානෙ ළමය මැරුනෙ " කියල.
මොකද උපස්ථායකවරුන්ට මේවගෙ රෝග ගැන තියන දැනුම, අවබෝධය අඩුයිනෙ. ඉතිං කටට ආපු දෙයක් කියල දාල.
පස්සෙ ලෙඩාගෙ මිනිය බාර දෙන වෙලාවෙ ලෙඩාට වුනේ මොකද කියල තාත්තට පැහැදිළි කරල දෙනකොට, මෙන්න මේ මනුස්සය කෑ ගහනවලු, මගෙ දුවව මරාගෙන දැන් බොරු කියනව. මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..කියකියා. ඇයි කළින් අර මනුස්සය කීවෙ වෙන කතාවක්නෙ.
පස්සෙ නර්ස්ලයි ඩොක්ටර්ස්ලයි මෙයාගෙන් අහල තියනව
"දැන් ඔයා හිතන්නෙ මොනව වෙලා ඔයාගෙ දුව නැතිවුනා කියලද?"
මනුස්සය කිවුවලු " ලේ කැටියක් උගුරෙ හිරවෙලා තමයි මගෙ දුව නැතිවෙලා තියෙන්නෙ කියල."
අර උපස්ථායක කියපු දේ මේ තාත්තට අවබෝධ වෙලා තියෙන්නෙ ඔන්න ඔය විදියටයි. ඇයි අර මනුස්සය කිවුවෙ ලේ කැටියක් හිරවෙල කියලනෙ..මේ තාත්ත හිතුවෙ උගුරෙ හිරවෙන්න ඇති කියල.
කොහොම කොහොම හරි අන්තිමට අර උපස්ථායක මහත්තයවත් තාත්ත ළඟට ගෙන්නල, සිදුවෙච්චි වරද නිවැරදි කරල මෙයාලව ආපහු යවල තියනව..බොහොම අමාරුවෙන්.
ඇත්තටම මේ ගෑණු ළමය නැතිවෙලා තියෙන්නෙ මොළේට ඇතිවෙච්චි ලේ ගැලීම තවත් වැඩිවෙලා මොළයට ඇතිවෙච්චි තෙරපුම හින්දයි.
පස්සෙ අර උපස්ථායක මහත්තයට අවවාද කරල තියනව ආපහු තමන්ට අයිති නැති, තමන් නොදන්න දේවල් වලට උත්තර නොදී ඉන්න ඒවඅදාල අයට යොමුකරන්න කියල.
මේ කතාවෙන් මම කියන්න උත්සාහ කලේ මෙන්න මේ පුංචි කාරනේ. රෝහලකදි මොනවහරි දෙයක් අහනවනම් ඒකට සුදුසු කෙනෙකුගෙන් අහන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. ඒ කිවුවෙ ලෙඩෙකුගෙ රෝග තත්වයක් ගැන , කන්න බොන්න සුදුසු දේවල් ගැන, ලෙඩෙක් සම්බන්ධව වගේ අහනවනම් නර්ස් කෙනෙකුගෙන් අහන්න. වැඩිදුර කරුණු දැනගන්න ඕනෙ නම් එයා ඔයාව වෛද්‍යවරයාට යොමුකරාවි.ඕනම කෙනෙක් නීතියෙන්ම බැඳිල ඉන්නව ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද ඒකත් අපේ රාජකාරියෙම කොටසක් හින්ද.
මේවගෙ වැරදීම් වලක්ව ගන්න පුලුවන් ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත්.

මන්තර නූල...

23

Posted by Indika | | Posted on Tuesday, September 15, 2009


පින්තූරෙ ගත්තෙ මෙතැනින් http://www.naturephoto-cz.com/photos/sevcik/sri-lanka-hump-nosed-viper--hypnale-nepa.jpg

වෙලාව හවස හයට විතර ඇති.ගොම්මන් කලුවරත් වැටීගෙන එනව. වාට්ටුවත් ටිකක් කාර්යබහුල වෙලයි තිබුනෙ. ඔන්න අවුරුදු පහලොවක විතර කොලුවෙක් එක්ක දෙතුන්දෙනෙක් කඩා බිඳගෙන වාට්ටුවට ආව. කොලුපැටියගෙ අත ලේන්සු කඩමාල්ලකින් වහල තිබුන.
" මොකද උනේ " කියල මම ඇහුව
" සර්පයෙක් ගැහුව මහත්තයෝ " කියල එතන හිටපු ගෑණු මනුස්සය කිවුව, මයෙ හිතේ අර කොලුවගෙ අම්ම වෙන්ටෝනෙ.
මම ඉක්මනට මෙයාව ටැප් එක ළඟට යැවුව හොඳට සබන් දාල අත සෝදගෙන එන්න කියල. මොකද ගොඩක් අය මේවගෙ දෙයක් වුනාම කළබලේට ඉස්පිරිතාලෙ දුවන් එනව විතරයි , කරන්න තියන මූලික ප්‍රථමාධාර ටිකවත් කරන්නෙ නැතිබව දන්න හින්ද.
සර්පයෙක් දෂ්ට කලොත් ඉස්සෙල්ලම හොඳින් සබන් දාල හෝදන්න, දෂ්ටනයට ලක්වුන අවයවය හැකිතාක් නොසොල්වා තියාගන්න, මත්පැන්, තේ, කෝපි, වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න ඕනෙ.
හරි හරි..අපි කතාවට එමුකෝ..ඉතිං මේ ගොල්ල කොලුවගෙ කාපු සර්පයව ගෙනල්ල තිබුන, ජෑම් බෝතලේකට දාල. සර්පයව නම් තලල තලල ජෑම් කරල තමයි තිබුනෙ. වෙලාවට සර්පය ඔලුව බේරගෙන තිබ්බ හින්ද කවුද කියල අදුරගන්න පුලුවන් වුනා. ඒක කුණකටුවෙක් (Hump nosed viper) ඔලුවෙ තුන්හුලස් හැඩේ නිසා මෙයාව වෙන්කරල අඳුරගන්න ලේසියි.
මම කොලු පැටියව වාට්ටුවට ඇඩ්මිට් කරල ඩොක්ටර්ට කතාකරල මෙයාව පෙන්නුව. පිටගැස්ම බෙහෙත විද්ද. ඉක්මනින් කරන්න තියන පරීක්ෂන ටිකට ලේ, මූත්‍රා හෙමත් යවල මෙයාට ඇඳකට යන්න කිවුව.
ලෙඩාගෙ දකුණු අතේ මහපටැඟිල්ලෙ තමා කුණකටුව කාල තිබ්බෙ. ගොම්මන් වෙලාවෙ පොල්ලෙලි ගොඩක් අස්සට අතදාල තමයි මූව කවාගෙන තියෙන්නෙ.
කුණකටුව කෑවම හරිම වේදනයි, ඊට අමතරව ගොඩක් ඉදිමුමත් එනව. ඒක ලෙඩාට පැහැදිළි කරල දුන්න. මිනිහගෙ අතේ බැඳල තිබ්බ කඹයක් විතර මහත නූලක්. ඒකත් කප්පවල දැම්ම, ඒකට නම් මනුස්සයට සර්පය කෑවට වඩා දුකයිද කොහෙද....
ඊළඟ දවසෙ උදේ , මෙන්න මෙයා අතත් එල්ලගෙන එනව. බැලින්නම් අත බෙර කොටේ වාගෙ ඉදිමිලා, නිල් පාට වෙලා, සීතල වෙලා..මේක දැකපු ගමන් මට හොඳටම බය හිතුන අත ඉවරයි තමා කියල. ඉතින් දඩි බිඩි ගාල බැලුව මොකද මෙහෙම වුනේ කියල.
බැලින්නම් මෙන්න අතේ මැණික්කටුව ළඟ තව මොකක්ද නූලක් බැඳල..!. ඒක නිසා තමයි මේ අත ඉදිමිල ලේ ගමන නැවතිල නිල්වෙලා තියෙන්නෙ. තව ටිකවෙලාවක් තිබ්බ නම් අත කපන්න වෙනව.
මට හොඳටම තරහ ගියා මේ වැඩේට නම්, ඇයි මම අතේ තිබ්බ සේරම නූල් කපල, ඒක කපපු හේතුවත් මූට කියල දීලනේ ගියෙ.
මිනිහ කෙඳිරි ගගා සමාව ඉල්ලනව. වෙලා තියෙන්නෙ මේකයි.., රෑ වෙලා සිකියුරිටි කාරයටත් ජරාවක් දීලද කොහෙද මිනිහ බලන්න එකෙක් ඇවිත් තියනව. එනකොට කොහෙද මිනිහෙක්ගෙන් මන්තර ජප කරපු (?) නූලක් ඇරන් ඇවිත්. මන්තර කාරය කිවුවලු මේක සර්පයා කාපු අතේම බඳින්න කියල. ඉතින් අර ගොන් වහන්සෙත් හැමෝටම හොරෙන් අර නූල අතේ බැඳගෙන තමයි නිදාගෙන තියෙන්නෙ. අපි නූල් බඳින්න එපා කියපු හින්ද කාටවත් පෙන්නුවෙ නැතිලු අත ඉදිමෙන කොටත්...උදේ මිනිහ ට්‍රයි කළාලු නූල කපල දාන්න..ඒත් එතකොටත් අතේ ඉදිමුම වැඩි හින්ද නූල පේන්නෙ නැතිතරමටම වැහිල තිබුන නිසාලු..මට ඇවිත් කිවුවෙ.
මොනව කියන්නද ඉතින්..ගහන්නයැ..මූට? අමාරුවෙන් නූල කපල දාල අත බේරගත්ත.
මේකෙන් අපිට පුංචි දෙයක් තියනව මතක තියාගන්න. සර්ප දෂ්ටනයකදි අතක නම් ඇඟිලි වල දාල තියන මුදු, අතේ බැඳන් ඉන්න නූල්, ඛ්‍රේස්ලට්, වලලු වගේ දේවල්, වෙන තැනක කෑව නම් තදවෙන්න පුලුවන් ඇදුම් ආදිය අනිවාර්යෙන්ම අහක් කරන්න ඕනෙ නැත්නම් ඉදිමුමත් එක්ක මේවට හිර වෙලා අත්, ඇඟිලි කපන්නත් වෙන්න පුලුවන්..ආ තව දෙයක් මතක තියාගන්න..අර තිරිංග දානව කියල සර්පය කාපු තැනට උඩින්, යටින් රෙදිපටි බඳින එකත් හරිම භයානකයි යාලුවනේ..!

තම තම නැණ පමණින් රැක ගතයුතු...

45

Posted by Indika | | Posted on Friday, September 11, 2009


රංග ජායාරූ ශිල්පියෙක්. වයස විස්සක විතර හොඳ කඩවසම් කොල්ලෙක්. මේ කියන දවසෙ එයාට මඟුල්ගෙදරක ජායාරූප ගන්න පැවරිල තිබුන. සීතල කඳුකරයෙ හෝටලයක තමයි මේ උත්සවය තිබුනෙ. දවසම එහෙට මෙහෙට දුවල පැනල තමන්ගෙ වෙහෙසකර රාජකාරිය නිමා කළාට පස්සෙ කෑමත් එක්ක පුංචි මධුවිත උගුරකින් සප්පායම් වෙන්නත් රංගට අවස්ථාව ලැබුන.
ඒවයින් මේවයින් පස්සෙ රංග සුඛෝපභෝගී බස් රථයක අසුනකට බර දුන්නෙ ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන. ජංගම දුරකථනය අතට ගත්තු රංග මීළඟට නිමන්තිට ඇමතුමක් ගත්ත. නිමන්ති තමයි රංගගෙ පෙම්වතිය. මේ දෙන්න ලබන මාසෙ විවාහ වෙන්නයි ඉන්නෙ. ඇමතුම නිමාකරපු රංග නිමන්තිගෙ ලස්සන රූපය නෙතුපියන් යට තියාගෙනම පුංචි නින්දකට වැටුන.
එයාට හදිස්සියෙම ඇහැරුනේ කර උඩ කවුරුහරි නිදාගෙන ඉන්නව වගේ දැනුන හින්ද. ආ...කවුද මේ...? ලස්සන ගෑණු ළමයෙක්..හැබැයි ටිකක් විතර රංගට වඩා වයස පාටයි. ඒත් එයා හිනාවෙනකොට හරිම ලස්සනයි කියල රංගට හිතුන.
හාත්පස තිබුන සුවදායී හීතලත් එක්ක රංගගේ හිතට පුංචි උණුසුමක් මෝදුවෙන්න පටන් ගත්ත. සුහද වචන කීපයක් දෙපසට හුවමාරු වෙද්දි දෙන්නටම හිතුනෙ කාළයක් අඳුරගෙන හිටිය වගේ කියල. බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙද්දි රංගයි අර ගෑණුළමයයි දෙන්නත් සෑහෙන දුරක් බොහොම වේගයෙන් ගිහින් තිබුන. සෙනඟ වැඩිපුර නැති බස් එකේ නිදහස් සුවදායී පරිසරය මේ දෙන්නට අලුත් ලෝකයක් හදල දීල තිබුන. මෙයාලගෙ ක්ෂනික ප්‍රේමය මේ විදියට ගලාගෙන යද්දි............................................................................
.................................................. වේගයෙන් ආපු බස් එකක් මහ රෝහලේ ගේට්ටුවෙන් ඇතුලට ආව. සිහි මද ගතියකින් හිටපු තරුණ ගෑණුළමයෙකුයි, වේදනාවෙන් මරහඬ තලන තරුණ පිරිමි ළමයෙකුයි රෝහලට ඇතුලත් කලේ බස් එකේ කොන්දොස්තර මල්ලි. පිරිමි ළමය ඇඳන් හිටපු ක්‍රීම් පාට කළිසම ලේ වලින් පෙඟිල තිබුණ. මෙයා ශල්‍ය වාට්ටුවටයි, ගෑණු ළමය වෛද්‍ය වාට්ටුවටයි ඉක්මනින්ම මාරුකරල යැවුන.
අපේ පිරිමි ළමය ඒ කිවුවෙ රංගගෙ ඇඳුම් ඉවත් කරපු ඩොක්ටර්ස්ල එයාට මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව.......හ්ම්..මෙයාගෙ ලිංගේන්ද්‍රිය සම්පූරනයෙන්ම වාගෙ කැපිල, වෙන්වෙන්න ආසන්නයටම.පුංච් හම් කෑල්ලකින් තමා එල්ලිල තිබුනෙ. හරියට ලේ යනව. මෙයාව ඉක්මනින් ශල්‍යාගාරයට යැවුන. පැය දෙක තුනක සැත්කමකින් පස්සෙ ජීවිතේ බේරල, රංගව වාට්ටුවට එවුව. ඒත්...බොහොම දුක හිතෙන දෙයක් එක්ක....මොකක්ද දන්නවද?.......එයාගෙ ලිංගේන්ද්‍රිය නම් බේරගන්න බැරිවෙලා තිබුන. ඒ කිවුවෙ ඒක කපල ඉවත්කරල තමයි ලේ ගැලීම නතර කරල ජීවිතේ බේරගන්න සිද්දවෙලා තිබුනෙ.
එතකොට බස් එකේදි මොකද මෙයාලට වෙලා තිබුනෙ. ඒක කොන්දොස්තර මල්ලිගෙන් දැනගත්තෙ.
බස් එක ගමනාන්තෙට කිට්ටුවෙද්දි පිටිපස්සෙ ශීට් එක පැත්තෙන් ලොකු කෑ ගැහිල්ලක් ඇහිල තියනව. ඉක්මනින් ගිහින් බැලුවම ගෑණු ළමයෙක් දත කට පූට්ටුවෙලා කටින් සෙම දාගෙන අපස්මාරෙ හැදිල වෙවුලනවලු. පිරිමි ළමයගෙ ලිංගේන්ද්‍රිය මෙයාගෙ තදින් පියවෙච්චි කට ඇතුලෙ හිරවෙලා තමයි තිබිල තියෙන්නෙ. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කට ඇරවල තියෙන්නෙත්.පස්සෙ තමයි රෝහලට ගෙනත් තියෙන්නෙ.
ඔය අපස්මාරෙ, නැත්නම් මීමැස්මොරේ තියන අයට එකපාරටම බය වුනාම , නැත්නම් දැඩි හැඟීමක් දැනෙන වෙලාවක වගේ මානසික තත්වයකදි එයාළගෙ රෝගය උත්සන්න වෙන්න හැකියාවක් තියනව.
වෛද්‍ය වාට්ටුවට දාපු අර ගෑණු ළමයනම් කාලෙක ඉඳන් අපස්මාරෙට බෙහෙත් ගන්න කෙනෙක්. ඒත් අමතක වීමකින් එදා දවසෙ එයා බෙහෙත් බීල ඉඳල නෑ. ඒකයි ලෙඩේ මතුවෙලා තියෙන්නෙ.
කතාව ඉවරයි..රංග ඇඬූ කඳුලෙන් අප හමුවේ තිබ්බ කතාව තමයි මම ඔයාලට කිවුවෙ.
ඉතින් මේවගෙ දේවල් කරන්න එපා කියල අපට කියන්න අයිතියක් නැහැනෙ. ඒක තමුන්ගෙ පෞද්ගලිකත්වයනෙ. ඒකයි මම කිවුවෙ තමන්ගෙ චරිතය, කල්ක්‍රියාව තම තම නැණ පමනින් රැක ගත යුතුයි කියල.
(පුද්ගල නාමයන් මනඃකල්පිතයි..අද කතාව පොඩ්ඩක් වෙනස් විදියට ලියන්න උත්සහ කළා..ඒ ගැනත් ඔයාලගෙ අදහස් කියන්න..)

මිනී මැරුම...

28

Posted by Indika | | Posted on Sunday, September 6, 2009




පින්තූරෙ ගත්තෙ මෙතනින් http://vitaro.files.wordpress.com/2009/01/embryo.jpg
අද මම කියන්න යන්නෙ මගෙ යෙහෙළියකගෙන් අහන්න ලැබුන කතාවක්. බොහොම සංවේදී සිද්දියක්.ඔය කිවුව නර්ස් වැඩ කරන්නෙ මහ රෝහලක. කාන්තාරෝග සම්බන්ධ වාට්ටුවක.
ඔන්න එක දවසක් අවුරුදු විස්සක විසි දෙකක විතර තරුණ ගැහැණු ළමයෙක් වාට්ටුවට ඇඩ්මිට් වෙන්න ඇවිත්, එයාගෙ අම්මත් එක්ක තමා ඇවිත් තියෙන්නෙ. මෙයාල එනකොට අර කිවුව යාලුව තමයි වාට්ටුවෙ ඉඳල තියෙන්නෙ. ඉතින් සුපුරුදු විදියටම ටිකට් එක හෙම ඇරන්, මේ ළමයගෙන් ඇහුවලු අමාරුව මොකක්ද කියල. ඊට පස්සෙ මෙන්න මෙයා ලැජ්ජාවෙන් ඇඹරෙන්න පටන් ගත්තලු. එයාගෙ අම්ම කියනවලු, අනේ මිසී, දුව හරිම ලැජ්ජයි. ගෙදරමනෙ ඉන්නෙ කියල.
කොහොම හරි වදෙන් පොරෙන් ඇහුවම අම්ම කියල තියනව
" පිටිපස්සෙන් ලේ යනව මිසී " කියල.
දුව දැන් බැඳලද කියල ඇහුවම
" අපෝ නෑ මිසී, මෙයා ඒ ගැන කතාකරනවටවත් කැමති නෑ. තව ටිකක් අම්ම ගාව ඉන්න ඕනෙ කියනවනෙ" කියල අම්මකිවුවලු
හ්ම්...දැන් දවස් හතරක විතර ඉඳන් ලේ යනවලු. ඉතින් ඉක්මනින් ලෙඩාව වාට්ටුවට ඇතුල් කරගෙන ඩොක්ටට කතාකරල පෙන්නුවලු. මෙයාව පෙන්නන්නත් සෑහෙන මහන්සියක් ගන්න වුනාලු, ඇයි ඉතින් ලැජ්ජ බයට හැදිච්ච ළමයනෙ, අම්ම කියන විදියට.
පිටිපස්සෙන් කියල මෙයාල කිවුවට ලේ යන්නෙ යෝනි මාර්ගයෙන් කියල පරීක්ෂාකලාම දැනගත්තලු. ගෑණු ළමයගෙන් ඇහුවම මාස් ශුද්ධිය හැදුනද කියල තාම නෑ කියල කිවුවලු. ඉතින් දොස්තරල නිගමනය කළාලු සමහර අයගෙ ඔසප් වීමත් එක්ක ලේ යෑම වැඩිපුර තියෙන්න පුලුවන්. ඒක වෙන්න ඇති මේ ළමයටත් තියෙන්නෙ කියල. කෝකටත් ලේ යාම නවතිනකල් වාට්ටුවෙ තියාගන්න එක තමා තීරණය වෙලා තියෙන්නෙ. ඒ අතරෙ අවශ්‍ය බේත් හේත් එහෙම දීල තියෙනව.
ඔය විදියට පැය කීපයක් ම ගතවෙලා..ඒත් අර ලෙඩාගෙ ලෙඩේ නම් අඩුවෙච්චි පාටක් නෑලු. තාම ලේ යෑම තියනවලු. ඔය අතරෙ රුධිර හිමොග්ලොබින් (Hb%) පරීක්ෂනයෙනුත් ඇඟේ "ලේ අඩුකම" තියනව කියල පෙනිල තියනව. ඇයි දැන් දවස් ගානක් තිස්සෙම ලේ යනවනෙව.
මේ වාගෙ වෙලාවට වෛද්‍යවරු යෝනිමාර්ග පරීක්ෂාවක්(Vaginal Examin/ V.E.) කරල ඒකෙනුත් රෝගය ගැන යම් හෝඩුවාවක් ගන්නව. ඒත් ඉතින් කියන විදියට මේ ළමය බැඳපු කෙනෙක් නෙවේනෙ. ඒක නිසා මේ පරීක්ෂණය කරන්න බැහැ.
ඒ වුනත් මෙයාගෙ මුත්‍රා පරීක්ෂණයක් කළාම(Urine H.C.G. test) මෙයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව නම් පෙනුනලු. මෙයාවත් අම්මවත් මේ කතාව කොහොමවත් පිළිගත්තෙ නැතිලු. අම්ම ස්ටාෆ් එකට බැන්නත් එක්කලු එයාගෙ අහිංසක දුවට කැත කතා කියනව කියල.
කොහොම හරි අන්තිමට විශේෂ වෛද්‍යවරයගෙ තීරණය වෙලා තියෙන්නෙ ස්කෑන් පරීක්ෂණයක්( U.S.S / Ultrasound Scan ) කරන්න. මේකෙදි ඇඟ ඇතුලෙ තියන අවයව පිටතින් බලාගන්න පුලුවන් නිසා.
ඔන්න ඉතින් ස්කෑන් එකේදි මෙයාගෙ ගර්භාෂය ඇතුලෙ අමුතු දෙයක් පේනවලු... ඒ මොකක් කියලද හිතන්නෙ........දරුවෙක් ඉඳල නැතිකරගෙන!, ඒ කියන්නෙ මෙයා ගබ්සාවක් කරගෙන කියල පැහැදිළිව පෙනුනලු
වෛද්‍යවරු ඉක්මනින් ඔපරේෂන් එකක් කරල ලේ යන එක නැවැත්තුවලු. නැත්නම් මෙයාගෙ ජීවිතේ නැතිවෙන්න පවා ඉඩ තිබුනලු.
ඕන්න ලැජ්ජ බයට හැදිච්චි ගෑනු දරුවගෙ වැඩකිඩ. ඉතින් මේ වැඩකිඩ වල සියලු සාක්ෂිත් එක්ක විස්තරේ ගෑනුළමයගෙන් ඇහුවලු එයාගෙ අම්මත් ඉස්සරහපිටදිම. මෙන්න ඇඹරි ඇඹරි හිටපු "අහිංසක" ළමය සේරම විස්තරේ වැමෑරුවලු. එයාගෙ ප්‍රේම වන්තය ළඟ ගෙදරක බැඳපු මනුස්සයෙක් ලු. ඒ මනුස්සය නිසා තමයි මේ ළමයගෙ බඩට දරුවෙක් ඇවිත් තියෙන්නෙ. මේක වුනාට පස්සෙ මේ ජෝඩුවගෙ ඒකමතික තීරණය වෙලා තියෙන්නෙ දරුව නැතිකරල දාන එකලු. මේ විස්තර කියනකොට අර අහිංසක අම්ම කලන්තෙ දැම්මලු. ඉතින් නගරෙ තියන හොර ගබ්සා මධ්‍යස්තානෙන් වැඩේ කොරගෙන තියෙන්නෙ. ඒකෙන් කීවලු ඉස්පිරිතාලෙ හෙම යන්න එපා කියල. ඒත් ලේ නැවතිච්චි නැති නිසාලු ඇඩ්මිට් වුනේ..අම්මටත් බොරු කියල.
කොහොම හරි පූරුවෙ වාසනාවක් හින්ද මේ ගෑණි බේරුණා..නැත්නම් ලේගිහිල්ල හරි වෙන ආසාදනයක් ඇවිත් හරි මේ මනුස්සය මැරිල යනව.
ඒත් කිරිකැටි දරුවෙක් කුසේදිම මරල දාපු පාපය නම් ආත්ම ගනනක් තිස්සෙ විඳින්න සිද්ධවේවි. මේ ආත්මෙදි ආපහු දරුවෙක් ලැබෙන එකකුත් නෑ..මොකද ගබ්සාවෙදි ගර්භාෂයටත් හානිවෙලා තිබුන නිසා.
ඔන්න ඔතනින් මම මගෙ කතාව ඉවර කරනව.මේ කතාවෙ හිතන්න තියෙන දේවල් ඔයාලටම හිතන්න ඉතුරු කරල.

වඳුරෝ...

23

Posted by Indika | | Posted on Tuesday, September 1, 2009

පින්තූරෙ ගත්තෙ මෙතනින්http://www.greentechmedia.com/wp-content//uploads/2008/07/old-man-laughing2.jpg
මේ කියන්න යන සිද්දියත් මගේ හිතවත් වෛද්‍යවරියක් මට කියපු එයාගෙම අත්දැකීමක්. ඒ දවස්වල මේ කියන දොස්තර නෝන වැඩකරල තියෙන්නෙ මහ රෝහලක, ලෙඩ්ඩු ඇතුලත් කරන නිළධාරිණිය ( Admitting Medical Officer ) විදියට. ගොඩක් දවස් වලට උදේවරුවෙ ඉස්පිරිතාල වල බාහිර රෝගී අන්ශය ( O.P.D. ) ලෙඩ්ඩුන්ගෙන් පිරෙනව. හරියට කළබලයි මේ වෙලාව.
ඔන්න එක දවසක, ඔයවගේ කළබල උදේවරුවකලු මේ සිද්දිය වුනේ.
මෙන්න මේකයි කතන්දරේ , වයසක සීය කෙනෙක් මොකක්ද ලෙඩකට බේත් ගන්න ඕ.පී.ඩී. එකට ඇවිත්. ඉතින් ඕ.පී.ඩී. ඩොක්ට මේ ලෙඩාව බලල, ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න නියම කරල. ඔය වගෙ ඕ.පී.ඩී එකෙන් ඇඩ්මිට් කරන ලෙඩ්ඩුන්ට පොඩි තුන්ඩු කෑල්ලක් දෙනව ගිහින් ඇඩ්මිෂන් ඩොක්ටර්ට දෙන්න කියල. ඒකෙ ලියන්නෙ ලෙඩාගෙ රෝග තත්වය ගැන පොඩි විස්තරයකුයි, ඇඩ්මිට් කරන්න කියල ඉල්ලීමකුයි.
ඔන්න ඉතින් අපේ සීය, අර තුන්ඩු කෑල්ලත් අරගෙන ආවලු මගේ හිතවත් වෛද්‍යවරිය ළඟට. මම කීව වගේ එදා ටිකක් කළබල දවසක් හින්ද ඩොක්ට ලෙඩාගෙ මූණ දිහා යන්තමට බලල වාඩිවෙන්න කිවුවලු. සීය වාඩිවෙලා තුන්ඩුව දුන්නලු. තුන්ඩුවෙ ලියල තිබුනලු "Monkey bite" ( වඳුරෙක් හපා කාල ) කියල. ඉතින් මේ වගෙ වෙලාවට ලෙඩාව හදිසි ප්‍රතිකාර ඒකකයට ( Emergency Treatment Unit / E.T.U.) දාල, පිස්සු බලු රෝගෙටයි, පිටගැස්මටයි විදින බෙහෙත් විදින්න ඕනෙ( Anti Rebies Serum & Tetanus Toxoid ), තුවාල තියනවනම් බෙහෙත් දාන්නත් ඕනෙනෙ. ඒක හින්ද ඔන්න අපේ දොස්තර නෝන ඉක්මනට ලෙඩා නවත්තන්න ටිකට් එක (Bed Head Ticket / B.H.T.) ලිවුවලු. සීයගෙන් මොකුත් ඇහුවෙවත් නෑලු. ටිකට් එක ලියල අතට දෙන ගමන් නිකමට වගේ ඇහුවලු
" සීය කවද්ද කෑවෙ" කියල.
සීය ටික වෙලාවක් සද්ද නැතිව හිටියලු.සීයගෙ කන් ඇහෙනව අඩුද දන්නෙ නෑ කියල හිතපු ඩොක්ටර් තව හයියෙන් ඒකම ආයිත් ඇහුවලු.
" ඊයෙත් කෑව නෝන, අද උදේ තමයි ගොඩක් උන් කෑවෙ " කියල සීය කිවුවලු.
ඩොක්ටර්ට මේ කතාව හෙන ප්‍රෙහේලිකාවක් වුනාලු. ඇයි දවස් දෙකක්ම වඳුරො කවාගන්න මේ මිනිහට පිස්සුද? ඒ හින්ද ඇහුවලු
" සීය කොතනද කෑවෙ..කෝ තුවාල ?" කියල.
සීය කියනවලු.." අත්වල තමා හුඟක් කෑවෙ..දැන්නම් ඒව පේන්නෙත් නෑ..උදනැක්කෙ නම් පලු ඇවිත් තිබ්බ යහමින් " කියල.
දැන්නම් මොකක් හරි කොහෙ හරි වැරදිලා තියනව කියල ඩොක්ටර්ට හිතුනලු. මොකද මනුස්සයගෙ තුවාලත් නෑ මොනවද පලු වගයක් ගැනත් කියන නිසා.
" සීය..වඳුරෙක් කෑව කියල නේද කිවුවෙ?" කියල ඩොක්ටර් ඇහුවලු...
මෙන්න සීය බක බක ගාල හිනාවෙන්න ගත්තලු..
" මොන වඳුරොද නෝන, මගෙ කෑවෙ මදුරොනෙ..උදේ උණ ගතිය වගේ දැනිච්චි හින්දයි බේත් ඩින්ගක් ගන්ට ආවෙ, කොහෙද ඉතින් අර දොස්තර මහත්තය මට ඇතුල් වෙන්ට කීවනෙ" කියල සීය කිවුවලු.
ඩොක්ටර්ටත් හිනාව නවත්තගන්න බැරිවුනාලු. මේ සීයගෙ කාල තියෙන්නෙ මදුරුවො. සමහර වයසක අය, මදුරුවො කියන එක "මදුරො" කියල කියනව. මේ සීයත් කියල තියෙන්නෙ එහෙම. ඒක තමයි අර ඕ.පී.ඩී දොස්තර මහත්තයට වඳුරො කියනව වගේ ඇහිල තියෙන්නෙ.
කොහොමින් කොහොම හරි සීයගෙ උණට බෙහෙත් දීල ගෙදර යැවුවලු...ඇයි ඉතින් නවත්තගෙන මොනව කරන්නද?.
හැබැයි ඉතින් අර අපේ ඕ.පී.ඩී දොස්තර මහත්තයට නම් වඳුර කියල නමකුත් වැටුනලු..! ඔන්න ඕකතමයි අද කතාව.
මේක හිනායන කතාවක් වගේ පෙනුනට මේ සිද්දිය ඇතුලෙ හරි බයානක නොසැලකිලිමත් කමක් තියනව. මේව අහනකොට හිතෙනව ඒ වගේම හිතට හරිම දුකක් දැනෙනව වගකීම සහ වගවීම(Responsibility & Accountability) කියන දේ දැන් සෞඛ්‍ය සේවකයන්ට අමතක වෙලාද කියල.

සැඟවුන මාරයා..

17

Posted by Indika | | Posted on Saturday, August 29, 2009


පින්තූරෙ ගත්තෙ මෙතනින්
http://blogs.dogster.com/vet_blog_information_advice/files/2009/01/rabies_patient.jpg
මේ සිද්දිය මට කිවුවෙ මගෙ හිතවත් වෛද්‍යවරියක්. මේකත් මහරෝහලක වෛද්‍ය වාට්ටුවෙ වෙච්චි සිදුවීමක්, දැනට අවුරුදු දහයකට විතර ඉස්සර.
මේ කතාව කියපු ඩොක්ටර් ඒ කාලෙ ඔය වාට්ටුවෙ කනිෂ්ට වෛද්‍යවරියක්ලු. ඔන්න දවසක් අවුරුදු විස්සක් විතර වුන තරුණ පිරිමි ළමයෙක් යටිබඩ කොරවෙලා කියල ඔය වාට්ටුවට ඇතුල් කරල තියනව. ඉතින් මෙයාව බලල, මූත්‍රා අමාරුවක් කියල හිතල, ඒකට කරන්න තියන පරීක්ෂණ හෙම කළාලු. බෙහෙත් වර්ග කීපයකුත් පටන් ගත්තලු. පස්සෙ පරීක්ෂණ වාර්තා බැලුවම ඒවයෙ මුකුත් වෙනසක් තිබුනෙ නැතිලු.
ඉතින් මේ වාගෙ වෙලාවල් වලට කරන්නෙ රෝගියාගෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි. කොහොම වුනත් ඊළඟ දවසෙත් මෙයාගෙ යටිබඩ කොරවීම අඩුවෙලා නෑ.
පස්සෙ ඩොක්ටර් මෙයාගැන විශේෂ වෛද්‍යවරයාට කියල එයාගෙන් උපදෙස් අරන් තියනව. එයාත් ලෙඩා බලල බෙහෙත් වර්ග කීපයක් අලුතෙන් එකතුකලාලු. නමුත් මේ කිසිම බෙහෙතකට ලෙඩාගෙ අමාරුව අඩුවෙච්චි පාටක් නම් පෙනුනෙ නැහැලු.
මෙයාට තිබ්බ එකම අමාරුව මේ බඩේ කොරය විතරලු. කිසිම උණක්, ඇඟපත අමාරුවක් වත් තිබුනෙ නැහැලු.
හතර වෙනි දවස වෙද්දි ලෙඩාගෙ අමාරුව හොඳටම වැඩිවෙලා..ඩොක්ටර් ලෙඩ්ඩු බලන මේසෙ ළඟට මෙයා ඇවිත් " අනේ මගෙ බඩ කොරවෙලා " කියල කෑගහල, හරිම නොසන්සුන් විදියට වාට්ටුවෙ දුවන්න පටන් ගත්තලු. ඉතින් මෙවේලෙත් විශේෂ වෛද්‍යවරයා ලෙඩාව බැලුවලු. අන්තිමට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙච්චි හින්ද ස්කෑන් පරීක්ෂනයක් කළාලු. ඒත් මොන ලෙඩක් වත්, ලෙඩක හෝඩුවාවක් වත් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ඩොක්ටර්ස්ල කතාවෙලා තීරණය කළාලු මෙයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නමු කියල. ඊළඟ දවසෙ උදේට ඒක කරන්නලු හිතන් හිටියෙ.
කොහොම හරි එදා දවසෙ රෑ Oncall Room එකේ ඉන්නැද්දි ඩොක්ටර්ට වාට්ටුවෙන් කෝල් එකක් ආවලු ඉක්මනට එන්න කියල.මෙයා වාට්ටුවට යනකොට අර ලෙඩා කටින් සෙම දාගෙන , උගුරෙන් සද්ද කර කර , සිහි නැතිව හිටියලු. විනාඩි ගනනකින් අසරණ ළමයගෙ පණ ගියාලු. මේ දේ වෙලා තියෙන්නෙත් එක පාරටමලු. ලෙඩා බාත්රූම් ගිහින් ඇඳට ආව විතරයි කියල ළඟ හිටපු ලෙඩ්ඩු කීවලු.
මේ අවාසනාවන්ත සිදුවීමෙ හේතුව හොයන්න මෙයාට පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න තීරණය වුනාලු. ඒකෙදි මිනිය කපල බලල, ලබාගත්තු කොටස් වැඩිදුර පරීක්ෂණ වලට යවනව. අන්තිමට හොයාගත්තු විදියට තිබිල තියෙන්නෙ මොකක්ද දන්නවද? ජලභීතිකාව ! ඒ කිවුවෙ පිස්සු බලු රෝගෙ.
ඊට පස්සෙ මෙයාගෙ නෑදෑයින්ගෙන් අහල තිබුන බල්ලෙක් හෙම හැපුව කියල මේ ලෙඩා කිවුවද කියල. මේ මිනිස්සු කිවුවලු මාස අට නවයකට කළින් එහෙම කතාවක් කිවුව වගේ යන්තමට මතකයි කියල. ඒකට බෙහෙත් විදින්න තියා ඒක ගැන හිතලවත් තිබිල නැහැලු.
ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි බල්ලෙක් කාපු බව මේ ළමයට මතකවත් තියෙන්න නැතුව ඇති.මැරෙන වෙලාවෙ වෙද්දි කිසිම බාහිර තුවාලයක් ඇඟේ තිබුනෙත් නැහැලු.
වාට්ටුවෙ අයත් කොටින්ම විශේෂ වෛද්‍යවරය පවා මේ ළමයට ජලභීතිකාව ඇතිකියල හිතලවත් නෑ. මොකද එහෙම රෝග ලක්ෂණයක් වත්, ඉතිහාසයක් වත් මෙයාගෙන් නොපෙනිච්ච හින්ද.
මේවගෙ සමහර ලෙඩ්ඩුන්ට රෝග ලක්ෂණ එළියට පෙන්නන්නෙ නැතිව (Asymptomatic) බොහොම දරුණු රෝග පවා හැදෙනව. සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් කාල ඔච්චර කාලයක් යන්නෙ නෑ මනුස්සයෙකුට ලෙඩේ හැදෙන්න. ඒත් ඉතින් අවාසනාව මේ ලෙඩාට උපරිම විදියට බලපාල තිබිල කියලයි මටනම් හිතෙන්නෙ.
ඉතින් මේ මරණෙ කාගෙ වරදින් වුනාද කියල කියන්න නම් මට දැනෙන්නෙ නෑ. නමුත් සෞඛ්‍ය සේවකයෙක් විදිහට මේ අත්දැකීම තවත් ජීවිතයක් බේර ගන්නට, මටනම් හරිම වැදගත්.
මේ කතාවෙන් මම ඔයාලට කියන්නෙ මෙන්න මේ ටික : බල්ලෙක්, පූසෙක්, ලේනෙක් මීයෙක් වගේ මොන ක්ෂීරපායී සතෙක් හරි හැපුවොත්, සීරුවොත්, තුවාල වෙච්චි හීරිච්චි තැනක් ලෙව කෑවොත් හරි ඉක්මනට රෝහලකට ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්නගන්න. බෙහෙත් විදින්න ඕනෙද නැද්ද කියන තීරනය වෛද්‍යවරයට ගන්න ඉඩ දෙන්න. ඒ අපේ වටිනා ජීවිතය වෙනුවෙන්.....!

මානසික රෝගියා..

15

Posted by Indika | | Posted on Thursday, August 27, 2009

පින්තූරෙ ගත්තෙ මෙතනින් http://jf.equinoxe.free.fr/equinoxev3/galeries/melancolie/schizophrenia.jpg
අද මම කියන්න ලෑස්තිවෙන කතාවට සම්බන්ධ අත්දැකීම මට ලැබුනෙ මුල්ලේරියාව මානසික රෝහලේදි. අපේ පුහුණුවෙම කොටසක් විදියට මානසික හෙදකම ( Psychiatric Nursing ) සායනික පුහුණුව දෙන්නෙ මුල්ලේරියාවෙයි, අන්ගොඩයි මානසික රෝහල් වල තමයි.
ඔය මම කියන්න යන ලෙඩා අවුරුදු තිහක විතර පිරිමි කෙනෙක්. අමුතුම කඩවසම් කමකුත් මනුස්සයට තිබුන. කොටින්ම හැන්ඩි කොල්ලෙක්. මෙයාට තිබිච්චි ලෙඩේ තමයි එක දිගටම පැය ගානක් එකම තැනක් දිහා බලන් ඉන්න එක. බලාගෙන බොහොම හෙමීට මොනවද කියනව. කඳුලු පිහිදනව. ඔන්න ඔය වෙලාවට කවුරුහරි ළඟට ගියොත් හෙම මනුස්සය එකපාරටම බය වෙලා වගෙ අර කර කර හිටපු වැඩේ නවත්තනව,බොහොම නොසන්සුන් වෙනව. මෙයාට හැදිල තිබ්බ මානසික ලෙඩේට කියන්නෙ "සිට්සොපීනියා"( Schizophrenia ) කියල.
දවසක් මම බොහොම හෙමින් මනුස්සය ළඟට කිට්ටුකරල මේ මොනවද කුටු කුටු ගාන්නෙ කියල අහන් හිටිය.
"ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ?"
"මාව දාල යන්නෙපා"
"මම ඔයාට ගොඩක් ආදරෙයි"
ඔන්න ඔය විදියට එක එක දේවල් තමයි මෙයා කියවන්නෙ. කියන කොට ඇස්වලින් කඳුලුත් එනව.
ඉතින් මම මෙයාගෙ රෝග ඉතිහාසය ගැන පුන්චි සෙවිල්ලක් දාන්න හිතුව. මේ ලෙඩ්ඩු අපිත් එක්ක හරිම කුලුපග වෙනව දිගටම ඩියුටි කරනකොට. ඉතින් ඒක හින්දම බොහොම හෙමින් මම මේ මනුස්සයගෙන් එයා ගැන විස්තර අහගත්ත, දවස් ගානක් උත්සාහ කරල. අන්තිමට මම මේ ලෙඩා ගැන සාර්ථක නිබන්ධනයක් පවා කළා.මෙයා උඩරට පැත්තෙ ඇඟලුම් කර්මාන්ත ශාලාවක පිරිස් කළමනාකරුවෙක්ලු. අම්ම තාත්ත දෙන්නම තරුණ කාලෙම නැතිවෙච්චි හින්ද තනියමමලු හිටියෙ. ඔන්න ඔය අතරෙදි බොහොම සල්ලිකාර ගෑනු ළමයෙක් මෙයාට සෙට් වෙලා තියනව. ටික කාලෙකට පස්සෙ ඉතින් මේ ජෝඩුව කසාද බැඳල තියනව.එතකොට අපේ යාලුවට අවුරුදු විසි පහක්ලු. ඉතින් මේ දෙන්න බොහොම සතුටින් හිටියලු. නෝනගෙ ගෙදරම තමා මෙයාල ඉඳල තියෙන්නෙ. මෙ ගොල්ල සතුටින් හිටපු කාලෙ ගැන කියනකොට අහින්සක මනුස්සය පුදුම උද්‍යෝගයකින් කතාකලේ.
ඉතින් ටික කාලෙකට පස්සෙ මෙයාගෙ ලින්ගේන්ද්‍රියෙ පුන්චි සුදුපාට බිබිලක් ඇවිත් තියනව. නිකම්ම ඒක ආව කියල තමයි මෙයානම් කියන්නෙ. ඒත් ඒක එන්න එන්නම ලොකුවෙලා තුවාලයක් වුනාලු. ඒක හින්දම මෙයාට වයිෆ් එක්ක එකට ඉන්න එක පවා ගොඩක් වේදනාකාරී වුනාලු. තුවාලෙ වැඩිවෙන්න වැඩිවෙන්න මේ මනුස්සයට සෙක්ස් ලයිෆ් එක අතැරල දාන්න වුනාලු. පුදුම වැඩේ කියන්නෙ එයා මේක කාටවත් කියලත් නෑ, දොස්තර කෙනෙකුට පෙන්නල බේත් ඇරගෙනත් නෑ. වයිෆ්ටවත් කිවුවෙ නෑලු (????).
කොහොමින් කොහොම හරි මේ තුවාලෙ හින්දම මෙයාට පවුල් ප්‍රශ්නත් ටික ටික එන්න ගත්තලු. ඒව ඉවරවෙලා තියෙන්නෙ වයිෆ් මෙයා අතඇරල දාල යන එකෙන්. මනුස්සයට මේකෙන් යන එන මන් නැතිවුනාලු. ඇයි හිටියෙත් ගෑනිගෙ ගෙදරනෙ. ඊට පස්සෙ මෙයා වැඩට යන්නෙත් නැතුව යාලුවන්ගෙ ගෙවල්වල ඇවිද ඇවිද හිටියලු....එතනින් එහාට එයා දන්නෙ දැන් මේ එයාගෙ මහ ගෙදර ඉන්නව කියල විතරලු. මහ ගෙදර කියන්නෙ මේ ඉස්පිරිතාලෙ. එයා හිතන්නෙ මේ එයා පුන්චි කාලෙ හිටපු ගෙදර කියල.
ඔන්න එතනින් එහාට, මනුස්සයට මතක නැති ටික මම හොයාගත්තෙ මෙයා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරපු දවසෙ හිටපු ඇටෙන්ඩන්ට් කෙනෙකුගෙන්. ගෑනි ගියාට පස්සෙ රස්තියාදු ගගහ හිටපු මෙයා හිටිගමන් පිස්සු නටන්න පටන් ඇරන් තියනව. යාලුවො මෙයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චම එහෙන් තමා මෙයාව මෙහෙට එක්කන් එන්න කියල තියෙන්නෙ. දැන් ඉතින් අවුරුදු තුනක් තිස්සෙම මුල්ලේරියාවෙ.
ලෙඩාගෙ පෙර ශල්‍ය ඉතිහාසය ( Past Surgical History ) හොයල බැලුවම, මෙයාගෙ ලින්ගේන්ද්‍රියෙ තිබිල තියෙන්නෙ සැරව බිබිලක් ( Pustule ) මේකට බේතක් නොකර බලන් ඉඳල තමයි ගොඩක් තුවාලෙ වැඩිවෙලා තියෙන්නෙ. අන්තිමට ලින්ගයෙන් කොටසක් අහක්කරන්නත් වෙලා තුවාලෙ සනීප කරන්න. මෙයාට සමාජ රෝග හෙම හැදිල තිබිලත් නැහැ කියල වාර්තා වල තියනව.
කොහොම වුනත් නොසැලකිල්ල හරි ලැජ්ජාව හරි බය හරි මොන හේතුවකටද මන්ද සමඟියෙන් හිටපු පවුලක් කඩාකප්පල් වෙලා, අසරන තරුණ මනුස්සයෙක් සදාකල් මානසික ලෙඩෙක් වුනා. අපිටත් හිතන්න දේවල් ගනනාවක්ම මේ සිදුවීම ඇතුලෙත් තියනව.....
ඉතින් අපේ ලෙඩා ගැන මොකද? මිනිහ දැනටත් බිත්ති මුල්ලකට වෙලා වයිෆ් එක්ක කතාකරනව ඇති..!